රුසියාවෙන් බොරතෙල් මිලදී නොගන්නා රටවලට අවශ්‍ය බලශක්ති ප්‍රභව සැපයීමට සූදානම් බව කැනඩාව නිවේදනය කරනවා.
ඒ අනුව ගෝලීය බලශක්ති අර්බුදය විසදීමට බොරතෙල්, ගෑස් හා යුරේනියම් ලබාදීමට කැනඩාව සූදානම් වනවා. රුසියාව යුක්රේනයේ විශේෂ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ සමගම යුරෝපා කලාපයේ බලශක්ති අර්බුදයක්ද හටගැණුනු අතර යුරෝපයේ බොරතෙල් හා ගෑස් අවශ්‍යතාව සපුරාලමින් ලෝක බොරතෙල් වෙළෙදපොලෙන් රුසියාව ඉවත් කිරීමට ඇමෙරිකාව ප්රමුඛ රටවල් රැසක් ක්‍රියා කරමින් සිටිනවා. ඒ අනුව දිනකට අමතර බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් නිෂ්පාදනය කිරීමට සූදානම් බවයි කැනඩාව පවසන්නේ.