ර.වෛ.නි.ස කළු සතියක් ප්‍රකාශයට පත් කරයි

ලබන 23 වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙරට රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

ඊට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වැඩිදුරටත් සදහන් කළේය.

පුවත යවන්න