ඉන්දීය ජාතිකයින් ධීවර යාත්‍රා උපයෝගී කරගෙන නීතිවිරෝධීව මෙරටට පැමිණීමට උත්සාහ දරන බව හෙළිවීමත් සමග පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මුහුදු ආරක්ෂක වැඩපිලිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා තිබුණා. ඒ අනුව මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයට ඇතුළු වීමට උත්සාහ දැරූ ඉන්දීය ජාතිකයින් 86 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
ඔවුන් යාත්‍රා 11 කින් මෙසේ පැමිණ තිබුණා. එසේ නාවික හමුදා අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඉන්දීය වෙරළ ආරක්ෂ බලකාය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගත්තා.
තවද, නීති විරෝධී ලෙස විදෙස් සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් සිටීන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කළේ.