ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ මැග්නිටියුට් ඒකක 5.0 ක භූ චලනයක් සිදුව තිබේ.
භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඊයේ (16) පස්වරු 6.43 ට පමණ භූ චලනය වාර්තා වන බවයි.
ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ කිලෝමීටර් 1200 ක් පමණ දුරින් සිදුව ඇති භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ද, ඔහු පැවසී ය.