ඊයේ දිනයේ වාර්තා කළ කොරෝනා මරණ 55 ක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,000 ක් ඉක්මවා ගියා.
ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,019 ක් ලෙසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 38 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන්.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු කාන්තා ආසාදිතයින් දෙදෙනක් ද වනවා.
ඊට අමතරව අවුරුදු 30–59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 15 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 38 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් වනවා.