මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද 15,000 ක් ඉක්මවා ගියා.
ඒ, අද නව මරණ 24 ක් වාර්තා වීමත් සමගයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (01) දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු වනවා.
මියගිය පිරිසෙන් 13 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15, 019 ක් දක්වා ඉහළ ගියා.