ලංකාවේ කොරෝනා මරණ 3,000 පසු කරයි / ඊයේ මරණ 45 ක්

ජුනි 28 වනදා කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.

එම මරණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

පුවත යවන්න