ලංකාවේ ධජය පාපිස්සට දැමූ චීන නිෂ්පාදකයා ගැන චීනයෙන් විමර්ශනයක්

ශ්‍රී ලංකා ජාතික ධජය, චීන නිෂ්පාදකයෙකු විසින් පාපිස්නාවක මුද්‍රණය කොට අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමටත්, අදාළ පියවර ගැනීමටත් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ
චීන තානාපති කාර්යාලය පවසනවා.
රටක සංකේතය වන ජාතික ධජයට පූර්ණ ගෞරවය හිමිවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ජාතික ධජයට ද එසේම ගෞරවය ලබා දෙන බවත් තානාපති කාර්යාලය පැවසුවා.
චීනයේ අලිබාබා ඊ වානිජ වෙබ් අඩවිය හරහා මෙම ශ්‍රී ලාංකික ධජය සහිත පාපිස්නාව අලෙවි නොකරන බවද මෙමගින් දැනුම් දී තිබෙනවා.
මෙරට සාමය, සංවර්ධනය සහ ගෞරවය උදෙසා ද්විපාර්ශවික හෝ ජාත්‍යන්තර තලයේදී චීනය ශ්‍රී ලංකාවට සහය වන බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පුවත යවන්න