ලංකාවේ මුල්ම තේ වත්ත සොයා – ලූල්කඳුරට

අද අපි කතා කරන්න යන්නේ සුන්දර වගේම අතීත උරුමයක් තියෙන තැනක් ගැන.. එය නමින් ලූල්කඳුර ….

ලූල්කඳුර කියන්නේ මීට වසර සිය ගණනකට පෙර ලංකාවේ ප්‍රථම වාණිජ තේ වගාව පටන්ගත්ත ඉසව්වයී..

ඊට මුල් වූයේ ශ්‍රීමත් ජේම්ස් ටේලර් මහත්තයානේ..

ඔහු ලූල්කඳුර තෝරාගෙන එය තේ වතු යායක් ලෙසට සංවර්ධනය කරලා තියෙනවා..

No description available.

ඔහු ප්‍රථම වරට තේ වගාව කළ කොටසද පසුව සමස්ත වතුයායම තේ සඳහා නිර්මාණය කිරීමට ඔහුට හැකි වෙලා තියෙනවා..

 

ලූල්කඳුර වතුයාය හරි විශාලයි.. වර්තමානයේ පවා එදා ප්‍රථම වරට තේ වගා කළ ඉසව්ව පැහැදිලිව දැකගන්න පුලුවන්…

වතුයායේ ඇවිදන් යනකොට විවිධ නාමපුවරු දැකගන්න පුලුවන්…

No description available.

ලූල්කඳුර වතුයායට එන ඔයාලට ප්‍රථම වාණිජ තේ වගා ස්ථානයට අමතරව තවත් නැරඹීමට ස්ථාන කිහිපයක්ම තියෙනවා..

ඒ තමා

1) සර් ජේම්ස් ටේලර්ගේ බංගලාවේ නටඹුන්.
2) සර් ජේම්ස් ටේලර් භාවිතා කල ලිඳ .
3) පළවෙනි තේ ගස.
4) සර් ජේම්ස් ටේලර් භාවිතා කල ගල් ආසනය.
5) සිහිවටන.
6) වතුයාය කෙළවරේ පිහිටි කොණ්ඩගල කන්ද

උදේම ගියොත් එක දවසින් මේ ඔක්කොම බලාගන්න පුලුවන්….

ලූල්කඳුර වතුයාය හෙක්ටයාර් 1061ක් තරම් විශාලයි..
ඉන් තේ වගාවට යොදවා ඇත්තේ හෙක්ටයාර් 351ක පමණ ඉඩක්…

ඉතිරි භූමිය ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාව, මාර්ග පද්ධතිය, රක්ෂිත වනාන්තර හා පරිපාලන ගොඩනැගිලි සහ නේවාසික ගොඩනැගිලි සඳහා වෙන්කරලලු තියෙන්නේ…

No description available.

ඔයාලා දන්නවාද ශ්‍රී ලංකාවේ පළමු තේ වගාව ලෙස ලූල්කඳුර වතුයාය ඉතිහාසගත වනවා සේම ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාව ඉතිහාසගත වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්ත ශාලාව ලෙසයි…

සර් ජේම්ස් ටේලර්ගේ බංගලාව ගැන කියන්නම ඕනේ.. අද එතන බංගලාවක් නම් නෑ නටඹුන් කිහිපයක් විතරයි තියෙන්නේ..

ඒ දිහා බලලා බංගලාවේ තරම හිතාගන්න පුලුවන්…

ඔහු ස්නානය කිරීමට භාවිත කළ ළිඳ වර්තමානය වන විට කුඩා පොකුණක් ලෙස පවතින ආකරය දැක ගන්න ලැබෙනවා..

වතුයාය අවසානයේ මීටර් 1400 ක් පමණ උස කොණ්ඩගල කන්ද නගින්නත් පුලුවන්…

ලූල්කඳුර කියන්නේ ඇත්තෙන්ම ඉතා චමත්කාර පරිසර පද්දතියකින් යුත් ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක් කිව්වොත් නිවැරදී….

ඉතින් ඔබත් මෙහි ගිහින් පරිසරයේ සුන්දරත්වය විදලා, පරිසරය විනාශ නොකර පරිස්සමින් ගිහින් එන්න…

පුවත යවන්න