සැලසුම් කළ පරිදි නිව් ෆෝට්රස් එනර්ජි සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් LNG සැපයීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය නිෂ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන් නිව් ෆෝට්රස් එනර්ජි සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
එහි සඳහන් වන්නේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය, 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹට ආසන්නව LNGපර්යන්තයක් ඉදිකිරීමට එකඟතාවයකට පිවිසි බවයි.
එසේම කෙරවලපිටිය බලාගාර සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතිය ද නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට හිමිවන බව එහි සදහන්.
ආරම්භයේදී එම සමාගම විසින් ශ්‍රී ලංකා රජයට දිනකට LNG ගැලුම් මිලියන 1.2ක් ලබාදීමට නියමිතයි.