ලක් සිසුවාට වින කළ කවාජාගේ සොහොයුරාට නඩු පවරයි

ඔස්ටේ්‍රලියාවේදී ශ්‍රී ලාංකික සිසුවකු වන කමාර් නිසාම්ඩීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම සදහා ත්‍රස්තවාදී ලේඛන සකස් කිරීමේ චෝදනා මත එරට ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරා වන ආර්සලන් කවාජාට එරෙහිව චෝදනා ගොනුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔස්ටේ්‍රලියානු පොලිසිය මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ෂණයකින් පසුවයි.
මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් කමාර් නිසාම්ඩීන් මාසයකට අධික කාලයක් රදවා සිටි අතර පසුව එම ලේඛණවල අත්අකුරු ඔහුගේ අත්අකුරු හා නොසැසදෙන බවයි හෙළිවුණේ.
තරුනියක මුල් කර ගනිමින් හටගත් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාව සිදුවන්නට ඇති බවයි විශ්වාස කරනු ලබන්නේ.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව ආර්සලන් කවාජා මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබූ අතර ඔහු කියා සිටියේ තමන් නිසාම්ඩීන් පිළිබද කණගාටුවන බවයි.
එහෙත් එහි කිසිදු සමාව අයදීමක් නොතිබූ බවයි ඔස්ටේ්‍රලියානු පොලිසිය පවසන්නේ.
ඒ අනුව ලැබී ඇති සාක්ෂි පදනම් කර ගනිමින් ආර්සලන් කවාජා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවා.