ලසන්ත ඝාතන විමර්ෂණ මෙහෙයවූ පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය , කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත   සිල්වා මහතා  වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇතැයි තොරතුරු වාර්තාවනවා.
සේවා අවශ්‍යතා මත බව පවසමින් ඔහු මීගමුව කොට්ඨාශයට මාරු කර යවා ඇති බවයි වාර්තාවන්නේ.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනුයි.
කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය හා එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධියට අදාළවද ඔහු මූලිකත්වයෙනුයි විමර්ෂණ සිදුකෙරුණේ.