පෘථිවිය උණුසුම්වීමට බලපා ඇති කාබන් වායූ අඩු කිරීම සඳහා ලෝකයේ අවධානය යොමු කිරීම වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් අද මිහිකත හෝරාව සමරනු ලැබුවා.
ඒ රාත්‍රී 8.30 සිට 9.30 දක්වා අනවශ්‍ය විදුලි පහන් නිවා දමමිනුයි.
ලෝක වනජීවී අරමුදල විසින් සංවිධානය කරන මෙම වැඩපිලිවෙලට සහය දෙමින් ලෝකයේ බොහෝ ස්ථානවල පැයක කාලයක් විදුලි පහන් නිවා දමා තිබුණා.
ඉන්දියාවේ නවදිල්ලි නගරය, හොංකොං , සිඩ්නි ඔපෙරා රඟහල, සිංගප්පූරුව ,තායිලන්තය , බැංකොක් ආදී බොහෝ නගරවල ද මෙය ක්‍රියාත්මක වුණා.
කෙසේ වෙතත් ඇතැම් රටවල් මේ කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා තිබූ බවයි අනාවරණවී ඇත්තේ.
කෙසේ වෙතත් පැයක පමණ කාලයක් හෝ ලෝකයේ පරිසර හිතකාමී බහුතරය මේ වෙනුවෙන් සංවේදීවීම ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව තිබෙනවා.