ලෝකය පුරා රටවල් ගණනාවක රජයේ නිල වෙබ් අඩවි හා ලොව ප්‍රකට මාධ්‍ය ආයතන රැසක වෙබ් අඩවි බිද වැටී තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ , බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවිය , නිව් යෝර්ක් ටයිම්ස් , ෆයිනෑන්ෂියල් ටයිම්ස් , ගාඩියන් , ඇමසන් , රෙඩිට් ,ටුවිච්, ඇතුළු වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් මෙසේ බිද වැටුණු බවයි.
මෙය ලෝකයේ කොටසක අන්තර්ජාල බිදවැටීමක් ලෙස ද හදුනාගෙන තිබෙනවා.
ක්ලවුඩ් තාක්ෂණය සම්බන්ධ වෙබ් අඩවි හා අන්තර්ජාල පහසුකම් මෙසේ බිදවැටී ඇති අතර ඊට හේතුව සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.