ව්‍යවස්ථාව වෙනස් කරන්න ජන බලයක් නෑ / මහින්ද කියයි


නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින්.

පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නොමැති බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

ඒ හේතුවෙන් වහාම මැතිවරණයකට ගොස් ජන බලය පෙන්වා ඉන් පසු ව්‍යවස්ථාවක් ගෙන එන ලෙසයි රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.