වාහන අංක තහඩු තැපෑලේ ගෙදරට ම එන අලුත් වැඩක්

වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිඛෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ තැපැත් දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට සැලසුම් කර ඇති නව වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 09ක් වන අතර වියදම රුපියල් බිලියන 14ක් වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ අනුව භාණ්ඩාගාරයෙන් බිලියන 4ක මුදලක් ලබා ගැනීමට සිදුව ඇති බව ද අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පෙන්වා දුන්නා.

පුවත යවන්න