හම්බන්තොට වරායට පැමිණ ඇතැයි කියන නෞකාවක් පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අද පාර්ලිමේන්තුවේදී විමසීමක් සිදුකර තිබෙනවා.
විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ, නාවික හමුදාවට හෝ අදාළ නැව අධීකෂණය කිරීම සඳහා ඇතුළු වීමට අවසර දී නෙමැති බවයි.
මේ අතර පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා සඳහන් කළේ , ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන විකිරණශීලී යුරේනියම් රසායනිික ද්‍රව්‍ය ඇතැයි, තමන්ට වාර්තා වී ඇති බවයි.
නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇතැයි ඔහු අනාවරණ කළා.
නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව ද අනිල් රංජිත් මහතා පැවසුවා.
මේ අනුව නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම් දී තිබෙනවා.
නාවික හමුදාවෙන් අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ , තවමත් මෙම නෞකාව පිටත වරායේ නැංගුරම් ලා ඇති බවයි