විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මාර්තු මාසයේ සියයට 47කින් පහළට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ පසුගිය මාර්තු මාසයේ දී පෙර වසරට සාපේක්ෂව සියයට 47.9කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයේ දී ඔවුන් මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 318.4ක්.

මාර්තු මාසයේ ප්‍රේෂණ, පෙබරවාරි මාසයට සාපේක්ෂ ව සුළු වශයෙන් ඉහළ ගිය ද සාමාන්‍යයෙන් ඕනෑම වසරක මාර්තු මාසයේ ප්‍රේෂණ ඉහළ යන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු මාසයට පෙර ඔවුන් මෙරට නෑ හිතවතුන්ට මුදල් එවීම හේතුවෙන්.

කෙසේ නමුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තවදුරටත් හවාලා සහ උන්ඩියාල් වැනි සාම්ප්‍රදායික ක්‍රම යටතේ මුදල් එවීමට පෙළඹී සිටින බව විශ්වාස කෙරෙනවා.

පුවත යවන්න