විදෙස් මාධ්‍යවේදීන්ගෙන් චීනයට චෝදනාවක්

චීනය විසින් කොරෝනා වසංගතය එරට තුල විදෙස් මාධ්‍යවේදීන් මර්ධනය සඳහා අවියක් ලෙස භාවිත කරමින් පවති බවට චෝදනා එල්ලවනවා.
චීන විදේශ වාර්තාකරුවන්ගේ සංගමය පවසන්නේ තමන්ට පුවත් වාර්තාකරණය සඳහා චීනයේ විවිධ කලාප වෙත පිවිසීමේ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ඇති බවයි.
එසේම කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් රැසක්ම රටින් පිටුවහල් කිරීමට හෝ ප්‍රශ්න කිරීම්වලට ලක්කර ඇතැයිද ඔවුන් චෝදනා කළා.
වසංගතය පිළිබඳව වාර්තා කිරීමට අපේක්ෂා කරන විදේශීය මාධ්‍යවේදීන්ට එහි ආරම්භය පිළිබද සොයා බැලීමේ කටයුතු සීමා කර ඇති බවයි එම සංගමය පවසන්නේ.
මේ පිළිබද සීමා තවදුරටත් ක්‍රියාත්මකවීම පිළිබද ඔවුන් ජාත්‍යන්තරයේ අවදානය යොමුකර තිබෙනවා.

පුවත යවන්න