විපක්ෂනායක ධූරය වෙනස් වන්නේ නෑ / තිස්ස අත්තනායක කියයි

සමගි ජන බලවේගයේ මීළග ජනපතිවරණ අපේක්ෂකයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව , එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් අයකු විපක්ෂනායක ධූරයට පත්කිරීමට උත්සාහයක් පවතින බවට වන වාර්තා බැහැර කරමින් ඔහු මෙම අදහස් පල කළා.
විපක්ෂනායක ධූරය වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොමැති අතර , මේ වන බහුතර විශ්වාසයක් විපක්ෂනායකවරයා සතු බව ද තිස්ස අත්තනායක මහතා පවසා තිබෙනවා.
2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට ගිය අවස්ථාවේ ,තමන් රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු ඇඟවූ බවත් , එහි ප්‍රතිඵලයක් ලෙස එක් මන්ත්‍රී ආසනයක් හෝ අහිමිවන මට්ටමට එක්සත් ජාතික පක්ෂය පත්වූ බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා.

පුවත යවන්න