විරෝධතාකරුවන් සමග සාකච්ජාවට සූදානම් / අගමැති

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මේ වන විට රට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා ගාලු මුවදොර වාඩි වී සිටින විරෝධතාකරුවන්ගේ අදහස් සාකච්ඡාවට ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

විරෝධතාකරුවන් සාකච්ඡා සඳහා සූදානම් නම් ඔවුන්ගේ නියෝජිතයින්ට සාකච්ඡා කිරීමට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබෙනවා.

පුවත යවන්න