විශ්වාසභංගයට නමින් ජන්දය ගන්න / ජනපති දන්වයි

විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම්  මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිත කරමින්  ඡන්ද ගණනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අද පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීයි.
රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල තීරණ ගැනීමේදී  ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් හඬ අනුව බහුතරය තිරණය කිරීම  කාලෝචිත නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව හෙට  පාර්ලිමේන්තුවේදී  ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී තිරණය කිරීමට නියමිත අතර  ගැටුම්වලින් තොරව සාමකාමී අන්දමින්  කටයුතු කිරිමට ද කිරීමට මෙහිදී එකගතාවයකටද එළඹ තිබෙනවා.