විශ්වාසභංගය දිනුම් – කිරිඇල්ල කියයි / ජන්දයක් තිබුණේ නෑ -සුමතිපාල කියයි

මහින්ද රාජපක්ෂ මහතාට හා නව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ අනුව නව ආණ්ඩුවට බහුතරය නොමැති බව තහවුරුවූ බවයි.
මේ අතර නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ජන්දයක් නොපැවැත්වුණු බවයි.
ඒ අනුව විශ්වාසභංගයක් සම්මතවී නොමැති බවටයි ඔහු අදහස් පල කළේ.