විශ්වාසභංගය පැරදුණත් තීරණය ජනපති අතේ / එස් බී කියයි

විශ්වාසභංගයකින් වත්මන් ආණ්ඩුව පරාජයට පත් කළද නව ආණ්ඩුවක් නම් කිරීමට කතානායකවරයාට හැකියාවක් නොමැති බව එස් බී දිසානායක මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දිසානායක මහතා කියා සිටියේ වෙනත් පාර්ශවයක් විසින් බහුතරය තහවුරු කළද ඒ පිළිබද අවසන් තීරණය ගත යුතුවන්නේ රටේ ජනාධිපතිවරයා බවයි.
නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත්වන්නේ නම් ඒ පිළිබද බලය හා අවසන් තීරණ්‍යද ජනාධිපතිවරයා සතු බව ඔහු මෙහිදී කියා සිටියා.
මේ වන විට කතානායකවරයා අත්තනෝමතිකව කටයුතු කරන තර එයින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි එස් බී දිසානායක මහතා අවධාරණය කළේ.
එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් මගින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මුදල් පාලන බලය අත්හිටුවීමට ඉඩ ලබා නොදෙන බවද ඔහු අවධාරණය කළා.