විසිරවූ පාර්ලිමේන්තුව යළි කැදෙව්වාට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත් තීන්දුව නීතිවිරෝධී බවත් එමගින් තමාගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් පවසමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැදවීමට හැකියාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නොමැති බවයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා ,කතානායකවරයා සහ නීතිපති නම් කර තිබෙනවා.