විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව සවස 5 ට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට ඉදිරිපත්වූ පෙත්සම් විභාගය පස්වරු 5 දක්වා අත්හිටුවීමට ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ල කටයුතු කර තිබෙනවා.
ඒ පෙත්සමට අදාළව පෙත්සම්කරුවන්ගේ, නීතිපතිවරයාගේ හා පෙත්සමට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම්ද සලකා බැලීමෙන් පසුවයි.
ඒ අනුව පෙත්සම් විභාගය නිමාවට පත්ව ඇති අතර පස්වරු 5ට එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.