විසුරුවා හැරීමට විරුද්ධව බදුයුදීන් අධිකරණයට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව අධිකරණය යන බව සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා පවසනවා.
තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අමතමින් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ වසර හතරහමාරක් ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි.
ඒ අනුව මෙම තත්ත්වය තුල අධිකරණය හමුවේ මෙම ගැටලුව විසදා ගැනීමට පියවර ගත යුතු බවයි බදුයුදීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ.