විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැදවයිද ?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීමේ සූදානමක් ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙම ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 07දා දක්වා ඊට එරෙහිව වාරණ නියෝගයක් පැනවූ අතර  පෙත්සම් විභාගය දෙසැම්බර් 4,5,6 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාටම නැවත අවලංගු කිරීමට හෝ ආපසු කැඳවීමට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා දේශය පුවත්පතට අදහස් දක්වමින් සදහන් කර තිබෙනවා.

පවත්නා ව්‍යවස්ථාමය තත්ත්වයත් මේ සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්ත අනුවත් ජනපතිවරයාට ගැසට්ටුව අවලංගු කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව ඉදිරියට යන බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනකුම මාධ්‍ය හමුවේ සදහන් කළේ.