විසුරුවා හැරීමේ පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා ඊට පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබෙනවා.
ඒ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින්.
ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් හා එයට පක්ෂව පෙත්සම් 5ක් ඉදිරිපත්ව තිබුණා.
මෙම පෙත්සම් පසුගියදා සලකා බැලුණු අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඉන් පසු පූර්ණ විනිසුරු මඩුල්ලක් යටතේ මෙම පෙත්සම් විභාගයට ගන්නා ලෙස ඉල්ලා මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඒ සදහායි මෙම විනිසුරු මඩුල්ල පත් කර ඇත්තේ.

එම විනිසුරු මඩුල්ල

අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද අබෘෘ,මෘදු ප්‍රනාන්දු