පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් විභාගය හෙට දිනය දක්වා කල් දමා තිබෙනවා.

ඒ පෙත්සම් සම්බන්ධයෙන් කරුණූ දැක්වීම සදහා තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම හේතුවෙනුයි.
නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙය ජනාධිපති විසින් ලබාදුන් නියෝගයක් වීම හේතුවෙන් එසේ එය සලකා බැලීමට කාලය අවශ්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් හෙට පෙරවරු 10ට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.
අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම් විභාගයට ගැනෙන්නේ.