වේල්ල වීදියෙන් හමුවූ මළ සිරුර කුරුවිට පදිංචි 30 හැවිරිදි කාන්තාවකගේ

කොළඹ, වේල්ල වීදියේදී ගමන් බෑගයක බහා තිබූ හිස සුන් මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට සැකපිට බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරෙකු සියදිවි නසාගෙන සිටියදී සොයාගත් බවයි.

අදාළ සැකකරු හංවැල්ල – පිටකොටුව බස් රථයකින් අදාළ මළ සිරුර රැගත් ගමන්බෑගය රැගෙන  පැමිණ එය වේල්ල වීදියේ දමා පළා යන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පෙබරවාරී 28 රාත්‍රීයේ අදාළ පොලිස් නිලධාරියා සහ  කාන්තාව හංවැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ලැගුම්හලකට පැමිණ ඇති බවත් පසුව මාර්තු 01 දහවල් 11 ට පමණ අදාළ පිරිමි පුද්ගලයා පමණක් ගමන් බෑගය ද අතැතිව ලැගුම්හලෙන් පිටතට පැමිණ ඇති බවයි.

හංවැල්ලෙන් ගමන් බෑගයක් ද සමග කොළඹ බලා ධාවනය වූ  බස් රථයට ගොඩවන සැකකරු ගමන් බෑගය ද සමග කොළඹට පැමිණ තිබුණා.

දැනට ලැබී ඇති සාක්ෂි අනුව එම සිරුර තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාවගේ බවට හඳුනා ගෙන ඇතත් මළ සිරුරේ හිස කොටස අතුරුදන්ව ඇති බැවින් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරිමට නියමිතයි.

අනියම් සබඳතාවක් මෙම ඝාතනයට මුල් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා සඳහන් කළා.

පුවත යවන්න