රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ,හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් 9 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වැනිදා සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුත්‍රයා සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු ඇතුලුසැකකරුවන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් පසුගියදා නියෝග කළේ.
සැකකරුවන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කර තිබුණා.