ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට තරම් ඉන්දියාව සිය අණසක පතුරුවමින් සිටින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.
“ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් අපි ඉන්න තත්ත්වය ගැන. ඉන්දියාවේ විදේශ ඇමති මැදිහත් වෙලා තමයි ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන්නේ. ඒකෙන් ම තේරෙනවා අපි කොච්චරක් වැටිලා ද? කියලා. කොච්චරක් දුරට ඉන්දියාවට දැන් යටත් වෙලා ද? කියන එක. ඒක තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ඉස්සරහට තව කොහොම මැදිහත් වෙයි ද? කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක අද තියෙන ඇත්ත තත්ත්වය ගැන හොඳ උදාහරණයක්.”
පේරාදෙණිය රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම අත්හිටුවා ඇති බවට පළ වී තිබූ ට්විටර් පණිවුඩයක් කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාට ට්විටර් ඔස්සේ දැනුම් දී තිබිණි.
Disturbed to see this news. Am asking High Commissioner Baglay to contact and discuss how India can help.@IndiainSL #NeighbourhoodFirst https://t.co/jtHlGwxCBL
— Dr. S. Jaishankar (@DrSJaishankar) March 29, 2022
පසුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් තමන් විමසා බැලූ බව ය.
High Commission contacted Prof. Lamawansa, Hon. VC and the Dean of Medical Faculty of Peradeniya University and requested to know their requirements for medicines to continue regular and scheduled surgeries.
— India in Sri Lanka (@IndiainSL) March 29, 2022