ශ්‍රීලනිපය තුලින්ම පොහොට්ටු විරෝධී බලවේගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරය තුල පොදුජන පෙරමුණු විරෝධී කණ්ඩායමක් ගොඩ නැගමෙින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග හෙළිකරනවා.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව ඉදිරි ඕනෑම මැතිවරණයකදී පොදුජන පෙරමුණට සම්බන්ධ නොවී තනිවම හෝ වෙනත් පාර්ශවයක් සමග කටයුතු කිරීමට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 37 දෙනකු මේ වන විටත් එම කණ්ඩායමට සහාය පල කර ලේඛනයකට අත්සන් තබා ඇති අතර ඔවුන් ඉදිරියේදී තීරනාත්මක සාධකයක් බවට පත්වනු ඇති බවද ප්‍රකාශිතයි.
මෙම කණ්ඩායමට මෙතෙක් නිහඩව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේද ආශීර්වාදය හිමිව ඇති බවයි අදාළ වාර්තා හෙලිකරන්නේ.
නිදහස් පක්ෂය සුරැකීමේ බලවේගයක් ලෙස ඉදිරියේදී මෙම කණ්ඩායම කටයුතු කරනු ඇති අතර එය බරපතල දේශපාලන තීරණ ආපසු හැවිය හැකි බලවේගයක් බවට පත්කිරීමයි මෙම නිහඩ පාර්ශවයේ අපේක්ෂාව වන්නේ.