ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඒ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (11) රාත්‍රීයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
අද (12) පෙරවරුවේ ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යාංශයට ගොස් වැඩ භාරගනු ලැබුවා.