ශීත සෘතුවේ යුක්‍රේනය අවදානමේ

ශිත සෘතුව එළඹිමත් සමග යුක්රේනය විදුලිය හා තාපය නොමැති ස්ථානයක් බවට පත්වනු ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 10වන දින සිට රුසියාව යුක්රේනයේ විදුලිබලාගාර ඇතුලු යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. මේ වන විටත් එරට ප්‍රදේශ රැසක ජල හා විදුලි සබදතා බිදවැටී තිබෙනවා.

විදුලිය නොමැති වීම හේතුවෙන් තාපය උපදවා ගැනීමට හැකියාවක් නොමැති අතර එළඹෙන ශිත සෘතුවේ දි යුක්රේන ජන ජිවිතය දැඩි අන්තරාදායක තත්ත්වයකට පත්වනවා.

කෙසේ වුවද ශීත සෘතුව එළඹීමට පෙර ජල හා විදුලි සබදතා යළි යතා තත්ත්වයට පත් කිරීමට යුක්රේන බලධාරීන් ක්‍රියාකරන බවයි වාර්තාවන්නේ.

පුවත යවන්න