සංචරණ සීමා කඩ කිරීම අවදානම් / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

පවතින ආපදා තත්ත්වය හමුවේ ජල ගැලීම් තත්ත්වයන් නිරීක්ෂණයට සහ නිවෙස්වල එකතුවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් අද ඉල්ලීමක් සිදුකළා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ වන විටත් ඇතමුන් උපක්‍රමශීලී ලෙස මෙම සීමා කිරීම් කඩ කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

“සංචරණ සීමා පනවා තිබෙන මේ මොහොතේදීත් අපිට වාර්තා වෙනවා ප්‍රධාන මාර්ග භාවිත නොකර අතුරු මාර්ග ඔස්සේ නිවෙස්වලට එකතුවීම් පිළිබඳව. ගංවතුර තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට යෑම් පිළිබඳව. මේ සංචරණ සීමා පැනවීමත් සමග ඉදිරි මාසයේදී අපිට අවම කරගැනීමට තිබෙන ආසාදිතයින් වාර්තාවීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජනතාවගේ සහයෝගය මතයි.”

පුවත යවන්න