සංචරණ සීමා දැඩි කළ යුතුයි / විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මෙරට කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනයෑම සඳහා දැනට පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළයුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“මේ දක්වා පෙනී යන දත්ත අනුව යම් ආකාරයක අඩුවීමක් දකින්න තිබෙනවා. නමුත් ඉදිරි දින කිහිපයේ සුළු වැඩිවීමක් සමග මිසක් දිගටම පහළට යෑමට තිබෙන ඉඩකඩ අඩුයි. ඉහළ පහළ යෑම් සමග මේක ක්‍රමාණුකූලව අඩුවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ සංචරණ සීමා තවත් කාලයක් හැකි පමණ පවත්වාගෙන යෑම තුළින් තමයි පැහැදිලි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සංචරණ සීමා දැඩිකිරීම ඉතාම වැදගත්.”

පුවත යවන්න