ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා සිදුකරන සමගි ජන බලවේගයේ දින හයක දැවැන්ත විරෝධතා පා ගමන අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලින් අද උදෑසන ආරම්භ විය.
විරෝධතා පා ගමට පැමිණි ජනතාවගෙන් මහනුවර නගරය පිරි ඉතිරි ගිය අතර විරෝධතාවට එක් වූ ජනතාවට නොදෙවනි ජනතාවක් මග දෙපස රැඳී සිටිමින් විරෝධතා පාගමන දිරිමත් කිරීමට කටයුතු කළේය.
“ජන පීඩකයින් එලවන ජන බලවේගය” ලෙස නම් කර ඇති මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පමණ ආරම්භ කෙරිණ.
විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් මහනුවර නගරයේ ගමනා ගමන කටයුතු සඳහාද බාදා එල්ල විය.
මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලට පස්වරු 9.00 ට පමණ රැස්වූ විරෝධතාකරුවන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතා පාගමනටට පෙරවරු 10.00 ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත විය.
https://fb.watch/cDxhT435I8/