සති අන්තයේ සීමා ගැන තීරණයක් නෑ- උත්සව ගැන අනතුරු ඇගවීමක්

සති අන්තයේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සිකුරාදා දිනයේ පොහොය නිවාඩු දිනයත් සමග දීර්ඝ සති අන්තයක් වුවත් සංචරණ සීමා පැනවීමක් පිළිබද තීරණයක් ගෙන නොමැති බවයි හමුදාපතිවරයා පැවසුවේ.

කෙසේවෙතත් ඔනෑම අවස්ථාවක අවශ්‍යතාව අනුව සීමා පැනවීම සිදුකෙරෙන බවයි ඔහු අවධාරණය කළේ.

ඇතැම් සීමා ලිහිල් කිරීම් අවභාවිත කරන්නේ නම් විවාහ මංගල ඇතුළු කටයුතු වහාම නැවැත්වීමේ තත්ත්වයක් ඇති විය හැකි බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

පුවත යවන්න