සතොස ශාඛාවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නෑ – සතොස සේවකයෝ

දිවයින පුරා පිහිටි සතොස ශාඛාවලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් තම දෛනික ව්‍යාපාර කටයුතු පහත වැටී ඇතැයි සතොස සේවකයෝ පැවසූහ.

සිය ශාඛාවට පෙරේදා (28 වැනිදා) සුදු සහල් කිලෝ ග්‍රෑම් 350ක් පමණක් ලැබුණු බවත්, සුදු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 105කට අලෙවි කරන බවත්, හැටන් සතොස ශාඛාවේ සේවකයෝ සඳහන් කළහ.

තවද සීනි, කිරිපිටි, සහල් සහ බී ළුණු තම ශාඛාවේ නොමැති බවත්, සහල් කිලෝ ග්‍රෑම් 10ක් සහ ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1980කට අලෙවි කරන බවත් ඔවුහු කීවෝය. ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ කැකුළු සහල්වල සහ සුදු සීනිවල පමණක් යම් අඩුවක් ඇති බවයි. එහෙත් සෙසු ආහාර ද්‍රව්‍යවල අඩුවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
චාමර පල්ලේගෙදර

පුවත යවන්න