සන්ධානය බලයට ආවොත් 19 වෙනස් කරනවා / WDJ
එක්සත් ජාතික පක්ෂයට ගත හැකිව තිබූ හොදම පියවර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ් ඩී ජේ සෙනවිරත්න මහතා පවසනවා.
එම විකල්පයට නොයා එක්සත් ජාතික පක්ෂය විසින් අර්බුධ නිර්මාණය කරමින් පවතින බවටයි මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළේ.
කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අර්බුධයකට ලක්ව ඇති බැවින් තම පාර්ශවය බලයට පැමිණියහොත් එම සංශෝධනය වෙනස් කරන බවද සෙනවිරත්න මහතා කියා සිටියා.
“දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි.”