සන්ධාන මන්ත්‍රීන් අදත් පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරයි

කතානායකවරයාට විරෝධය පල කරමින් අද පාර්ලිමේන්තු සැසිය වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව මේ වන විට රැස්ව සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ / ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනුයි.
මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ, පසුගි 14 වන දා 15, 16, 19 සහ 23 වන දිනයන්හි පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් ඒ අනුව එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා තිබෙනවා.