නැවතත් මෙරට සහල් හිඟයත් සමඟ මිල ඉහළ යාමක් සිදුව තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. සතොස මගින් යම් සහනදායී මිලකට ආනයනික සහල් වර්ග කිහිපයක් සැපයුවද මෙරට නිෂ්පාදිත සහල් වර්ගවල මිල කිලෝවක් රුපියල් 10 සිට 30 දක්වා මිලකින් ඉහළ ගොස් ඇත.
සහල් මිල ඉහළ යාමත් ඇතැම් සහල් වර්ග සැපයුම සීමාවීම නිසා වෙළෙඳුන් සහල් අලෙවියටද සීමා පනවා තිබේ. ඒ අතර කිරිපිටි සහ ගෑස් හිඟයද තවමත් පවතී. ගෑස් සැපයුමක් සිදුවුවත් ජනතාවගේ ඉල්ලුම සපුරාලීමට ලිට්රෝ සමාගම මෙතෙක් සමත් වී නොමැති නිසා ගෑස් පෝලිම් තවදුරටත් දක්නට ලැබේ.