Skip to content

අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යාමේ දී මරණයට පත් වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙනවා.
ඒ පොලිස් දෙපාර්තමේන්තුව මගින්.
අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයායි මේ බව සඳහන් කළා.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එය කැදවීමට නියමිතයි.