පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගයේ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. රටතුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගි කරගන්නා ලෙස රජයට බල කරමු.
— Sajith Premadasa (@sajithpremadasa) June 13, 2021
දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය විසින් කිසිදින අනුමත නොකරනු ඇත. ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළයුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසාය.
— Sajith Premadasa (@sajithpremadasa) June 13, 2021