සිංහරාජයේ වැව් දෙකක් හදන කතාව ගැන ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්

සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 21වැනිදා වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන යාම සඳහා සිංහරාජ වනාන්තරයේ වැව් 2ක් ඉදි කිරීම පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශවයන් තුළ නිර්මාණය වී ඇති සංවාදයන්ට ප්‍රතිචාර දක්වමිනි.

රජයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් පිළිබඳව ක්‍රියාකරන බව චමල් රාජපක්ෂ මහතා පවසයි.

No photo description available.

May be an image of text

පුවත යවන්න