
සියලුම වර්ගයේ වීසා බලපත් හිමියන් සඳහා ලබන 21 වනදා සිට ඔස්ට්‍රේලියානු දේශසීමාව විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු රජය අද තීරණය කළ බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
මෙසේ පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්ය බවයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සදහන් කළේ.
ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ලබන අතර නිරෝධායන රෙගුලාසි සංශෝධන සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ධාරිතාවයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමද ඔවුන්ටම පවරා තිබෙනවා.
විවිධ කරුණු මත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් සඳහන් කළා.
එන්නත්කරණයෙන් තොරව පැමිණෙන පුද්ගලයන්ට ඊට අදාළ හේතු තහවුරු කිරීම ද අනිවාර්ය වනවා.
මේ යටතේ එරට තුල සේවය සඳහා විදේශිකයන්ට පවතින අවස්ථා වර්ධනය කෙරෙන අතර පුහුණු ශ්‍රමික වීසා වර්ග පිළිබද වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.