ශරීරයේ බර ප්රමාණ්ය වැඩි පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණවී තිබෙනවා.
ඒ අනුව ශ්වසන පද්ධතියේ රෝග, බෝ නොවන රෝග පවතින පුද්ගලයන් මෙන්ම සිරුරේ බර වැඩි පුද්ගලයන් අතර කොරෝනා මරණ හා අසාධ්‍ය තත්ත්වයන්ට පත්වීම ඉහළ බවයි ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ අධ්‍යයනයක් මගින් අනාවරණ වී ඇත්තේ.
වෛරසය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ දරුවන් , තරුණ පිරිස් හා වයෝවෘද්ධ පුද්ගලයන් භාවිත කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
එම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ලැන්සෙට් සඟරාව පවසන්නේ , මිලියන 7ක පිරිසක් භාවිත කරමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණවලින් බහුතරයක් හා අධික ස්ථුලතාවය අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවද එම වාර්තාව සදහන් කළා.
මීට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ සිරුරේ අධික බර සහිත පුද්ගලයන් වඩාත් වැඩි වශයෙන් බෝ නොවන රෝග සඳහා ගොදුරුව පැවතීමයි.