සීමාව ඉක්මවා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා රසායානාගාරවලට ලක්ෂ 55ක දඩයක්

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය එම ආයතනවලට එරෙහිව අලුත්කඩේ හා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලදී ගොනු කළ නඩුවල තීන්දු මතයි.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පනවා ඇති උපරිම මිල රුපියල් 1200 ක් වුවද මෙම ආයතන රුපියල් 3,000 ක ගාස්තුවක් ඒ සඳහා අය කර ඇති අතර පූර්ණ රුධිර ගණන පරීක්ෂණයට පනවා තිබූ උපරිම මිළ වන රුපියල් 400 ඉක්මවා රුපියල් 1000කට ආසන්න වන තෙක් මුදල් අයකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

මේ අතර, උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සිදු කළ තවත් ආයතන 10ක් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයට කරුණු ගොනු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබෙනවා.

මෙවන් පැමිණිලි සඳහා පාරිභෝගික සේවා අධිකාරිය හා පහත ක්‍රම මගින් සම්බන්ධ විය හැකිය.

1st & 2nd Floor,

C.W.E. Secretariat Building,

No: 27, Vauxhall Street,

Colombo 02.

Telephone

:

+94-11-7755456/7

Hot Line

:

1977

Fax

:

+94-11-2399148

E-mail

:

chairman@caa.gov.lk

dg@caa.gov.lk

පුවත යවන්න